21st December 2024 12:42:59 Hours
මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂඨ නිලධාරී 1991.05.09 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව පාඨමාලා අංක 03 යටතේ පාකිස්තානු යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුධ පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1992.04.14 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. අනතුරුව මන්නාරම අභ්‍යන්තර ආරක්ෂක කණ්ඩයේ කණ්ඩභාර නිලධාරී තනතුර හොබවා එම බළඇණියේ විධායක අධිකාරී සහ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන දක්වා වූ සියලුම තනතුරු හොබවා 4 ශ්‍රීලපාහ බළඇණියේ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන, ක්‍රියාන්විත හා පුහුණුභාර නිලධාරී යන තනතුරු හෙබවීමෙන් පසුව 15 ශ්‍රීලපාහ බලඇණිය මෙහෙයවීමේ නියමුවා ලෙස තනතුර දැරීමේ භාග්‍ය ද උදාකරගන්නා ලදී.
තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී උපදේශක නිලධාරි - ආධුනික පුහුණු පාසල රෙම ශ්‍රිලපාහ පනාගොඩ, ප්‍රධාන උපදේශක සාමසාධක පුහුණු පාසල කුකුලේගග, ජ්‍යේෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී - ජනාධිපති ආරක්ෂක ඒකකය, මාණ්ඩලික නිලධාරී 3 (පාලන) - පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 - 22 වන පාබල සේනාංක මුලස්ථානය, උපදේශක නිලධාරි - යුද හමුදා පුහුණු පාසල මාදුරුඔය, මාණ්ඩලික නිලධාරී 2 - මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, මාණ්ඩලික නිලධාරි 2 - එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම හයිටි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 - පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය, කර්නල් (ප්‍රමානි) - 23 වන පාබල සේනාංක මූලස්ථානය, බළසේනාධිපති - 643 වන පාබල බලසේනා මූලස්ථානය, අධක්ෂක - මනෝවිද්‍යා මෙහෙයුමි අධ්යක්ෂ මණ්ඩලය, බ්‍රිගේඩියර් (ප්‍රමානි) - ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර), සේනාවිධායක - යුද්ධ හමුදා පුහුණු පාසැල මාදුරුඔය යන තනතුරු හොබවා ඇති අතර, මේ වන විට 61 පාබල සේනාංකාධිපති ලෙස රාජකාරි සිදුකරණු ලබයි.
තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය වශයෙන් විශේෂ ක්‍රියාන්විත උපදේශක පාඨමාලාව - විශේෂ බලකා පුහුණු පාසල මාදුරුඔය, මුලික ප්‍රගුණ වෙඩික්කරු හා සැගවුණු වෙඩික්කරු පාඨමාලාව - දියතලාව, අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලාව - බටලන්ද, සිවිල් සම්බන්ධිකරණ පාඨමාලාව - යුහමූ, GIS පාඨමාලාව - මොරටුව විශ්ව විද්‍යාලය, උසස් සිවිල් සම්බන්ධිකරණ පාඨමාලාව - ඇමරිකානු තානාපති කාර්යාලය කොළඹ. විදේශීය පාඨමාලා වශයෙන් තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, මුලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, හදිසි අවස්ථා සහ අපදා කළමණාකරන සදහා ප්‍රථිචාර දැක්වීමේ මානුෂිය ක්‍රියාමාර්ගවලට සහය වීමේ පාඨමාලාව - ඉන්දුනීසීයාව, සන්නද්ධ හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ජල රණකාමී පාඨමාලාව - පාකිස්ථානය, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාල අධ්‍යන චාරිකාව- පාකිස්ථානය, සාමසාධක මෙහෙයුම් අභ්‍යාසය - මොන්ගෝලියාව, සාමසාධක මෙහෙයුම් උපදේශක හුවමාරු වැඩසටහන - ඉන්දියාව, ජාතික අරක්ෂාව හා යුද කළමණාකරණ උපාධිය - පාකිස්ථානය ආදිය හදාරා ඇති පරිනත නිලධාරියෙකු වේ.
1992 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කළ සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම අද්විතීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී "ජයමග"”, "ජයහඩ", "ඉදිරිපිම්ම”, " රිවිරැස" 1, 2 සහ 3, "සත්ජය”, "ජයසිකුරු”, "වොටර් ෂෙඩ්", "කිනිහිර”, "අග්නිකීල” නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම් වැනි ක්‍රියාන්විතයන් විශේෂයෙන් සඳහන් කළයුතු අතර, එම ක්‍රියාන්විතයන්හිදී දක්වන ලද නිර්භීතභාවය රණකාමිත්වය වෙනුවෙන් මෙතුමන් රණශූර පදක්කමින් පිදුම් ලබා ඇත.
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2024 ක්වූ දෙසැම්බර් මස 20 වන දින සපැමිණි මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. මෙම අභිමානවත් උත්සවය ආඥාපති ආසේමූ (යාපනය) හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.