Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th December 2024 18:15:05 Hours

කළ සේවයට නිසි ඇගයුම්...

1999 වර්ෂයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පිහිටුවනු ලැබූ පාබල හමුදා සේවාවනිතා ශාඛාව එදා මෙදා තුර පාබල හමුදාවේ උදාර රණවිරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරනු ලබයි. රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ මෙන්ම රෙජිමේන්තුවේ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ විවිධ සුභසාධන අවශ්‍යතා ඉටුකරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සුවිශාල දායකත්වයක් සපයනු ලබයි.

ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතුන් 33 දෙනෙකු වෙත ඔවුන්ගේ සේවය ඇගයීමක් ලෙසින් වියළි සලාක භාණ්ඩ ප්‍රදානය කිරීම 2024.12.18 වන දින ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙම වැඩසටහනට සමගාමීව පාබල හමුදා රණවිරු අර්ධ නිවාසාධාර ව්‍යාපෘතිය යටතේ 6 ශ්‍රිලපාහ බළඇණියට අයත් රණක්ෂිතයට පත්ව සිටින සෙ/305953 බනි II සරත් කුමාර එච්එම් ජේකොනොනි වෙත සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු එස් එස් හේමන්ත සිවිල් සේවක මහතා වෙත රු: 200000.00 බැගින්වූ අර්ධ නිවාසාධාර පිරිනැමීමද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ නිලධාරීන් හා කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.