07th December 2024 00:17:13 Hours
1999 වර්ෂයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පිහිටුවනු ලැබූ පාබල හමුදා සේවාවනිතා ශාඛාව එදා මෙදා තුර පාබල හමුදාවේ උදාර රණවිරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරනු ලබයි. රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ විවිධ සුභසාධන අවශ්‍යතා ඉටුකරමින් සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සුවිශාල දායකත්වයක් සපයනු ලබයි.
ඒ අනුව පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන කටයුතු වල තවත් පියවරක් ඉදිරියට තබමින් ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවට අයත් ව්‍යාපෘතින්හි රාජකාරී කරනු ලබන සෙසුනිළයින් 52 දෙනෙකු හට ඔවුන්ගේ සේවය ඇගයීමක් වශයෙන් වියළි සලාක භාණ්ඩ ප්රදානය කිරීම ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2024.12.05 වන දින රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේදී සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ප්රමුඛ නිලධාරීන් හා කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.