Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th November 2024 22:41:08 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 7 වෙනි බළඇණිය සිය 32 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරයි...

වර්ෂ 1992 ක්වූ නොවැම්බර් මස 20 වන දින යාපනය මණ්ඩතිව් දුපතේදී ලුතිනන් කර්නල් ජීඑම් රොක්වුඩ් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ නායකත්වවෙන් ඇරඹි 7 ශ්‍රීලපාහ බළඇණිය තම 32 වෙනි සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් මහත් අභිමානවත්ව සමරන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් භටපිරිස්හි සුහදතාවය වර්ධනය හා ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නැන්වීමේ අරමුණින් කණ්ඩායම් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී. තරඟාවලියේදී සුවිශේෂි දක්ෂතා දක්වමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය “ඒ කණ්ඩායම” හිමිකරගත් අතර, අනුශුරතාවය “අණ සහ පාලන කණ්ඩායම” විසින් හිමිකරගන්නා ලදී.

තරඟාවලියේ කැපීපෙනෙන දක්ෂතා දක්වමින් හොඳම පිතිකරු ලෙස සෙ/325296 කෝප්‍රල් ප්‍රජෙෂ්වර එච්කේ ද, හොඳම පන්දු යන්වන්නා ලෙස සෙ/335175 පාසෙ සංජීව එම්කේඩී ද කුසලාන දිගාගත් අතර, තුන්ඉරියව්වෙන් කැපීපෙනෙක දක්‍ෂතා දැත්වූ නි/70879 කපිතන් ජිකේඩී නදීර ශ්‍රීලපාහ නිලධාරී තරඟාවලියේ වීරයා ලෙස කිරුළු පළඳින ලදී.

2024.11.17 වන දින රුදුරු ත්‍රස්තවාදය පරදා මව්බිම වෙත තිරසාර සාමය උදාකිරීමේ මානුෂීය හමහෙයුමේදී බළඇණිය නමින් දිවිපිදූ නිලධාරීන් 20 දෙනා සහ සෙසුනිලයින් 528 දෙනා සිහිපත් කර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙන්, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්ටයෙන් බළඇණි රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර උළෙලක් පවත්වන ලදී. එදින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින උදැසන භික්ෂුන් වහන්සේලා 14 නමක් විෂයෙහි හීල් දානය පිළිගන්වා මියගිය වීරෝධාර රංණවිරුවන්හට පිං අනුමොදනා කිරීමද, රණක්ෂිතයටපත් රණවිරුවන්ට ඉක්මන් සුවයද, දැනට රාජකාරියේ නියුතු සියලුම අයවලුන් වෙනුවෙන් ආශිර්වාද ලබාගන්නා ලදී.

2024.11.20 වන දින නවීකරණය කරන ලද උපකරණ ගබඩාව අණදෙන නිලධාරී විසින් සුබ මොහොතින් වීවෘත කිරීමෙන් පසු බළඇණි දේශන ශාලාවෙදී භටපිරිස් ඇමතීම සිදුකළ අණදෙන නිලධාරී සාම්ප්‍රදායික සියලුම නිල දිවා භෝජන සංග්‍රාහයට සහභාගී විය.

සංවත්සර දින ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් 2008.08.21 වන දින මුලතිව් තුණුක්කායි ප්‍රදේශයේදී රටදැය වෙනුවෙන් දිවිපිදු සෙ/315384 ලාකෝ හේමසිරි එච්ඒඒඩබ්ලිව් යන කොනොනි වෙනුවෙන් ලබාදී ඇති රඹෑව රණවිරු ගම්මානයේ පිහිටි නිවාසය බළඇණියේ මුල්‍ය හා ශ්‍රමදායකත්වයෙන් සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර 2024.11.21 වන දින එම කොනොනිගේ බිරිඳ හා දියණිය වෙත භාරදීම් සිදුකරන ලදී.

තිස්දෙවසරක අභිමානය පෙරටුකරගනිමින් බලප්‍රදේශය තුළ සුවිශේෂී කාර්යභාරයක නියැලෙන 7 ශ්‍රීලපාහ බළඇණියේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.