09th October 2024 12:50:03 Hours
ශ්‍රී ලංකා ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව වෙතින් 2024.10.06 වන දින බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍ර දේශයන්හි යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ විශ්ව විද්‍යාල වරම් ලබා ඇති දුදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් බණ්ඩාරවෙල ඇටම්පිටිය ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවතවන ලද අතර, එහිදි ලෝක ළමා දිනයට සමගාමීව එම විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන දු දරුවන් 325 දෙනෙකු හට පොත් කට්ටල පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරන ලදී.
හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දු දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදු කෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සමාජීය සත්කාරයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම අවස්ථාව සඳහා ආඥාපති ආසේමු (මධ්‍යම) හා ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනිය ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ද, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, එම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන්ද සහභාගී විය.