07th September 2024 15:24:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.09.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාසාධාර වැඩසටහනේ II වන අධියර ආරම්භ කරන ලදී.
යුධ හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති රණවිරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, ඉන් II වන අධියර යටතේ තොරාගත් රණවිරුවන් හය දෙනෙකු වෙත නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් මුල්‍යාධාර පිරිනමන ලදී. තවද මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාන්විතයේදි පූර්ණ ආබාධිත තත්වයට පත් රණවිරුවකු හට රෝද තුනේ යතුරු පැදියක් සඳහා බැටරියක් පරිත්‍යාග කිරීම මෙදින සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්රමුඛ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී වන ලදී.