Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th June 2024 11:05:26 Hours

බළඇණි දෙවන අණදෙන නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක්

යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ බළඇණි දෙවන අණදෙන නිලධාරීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පුහුණු වැඩමුළුවක් 2024 ජුනි මස 03 දින සිට 07 වන දින දක්වා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.

දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම සුවිශේෂී වැඩමුළුව සඳහා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිත්‍ය හා ස්වේච්ඡා බළඇණි නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහභාගී වූහ.

ක්‍රමවත් පුහුණූ කාලසටහනකට අනුව දින පහක් පුරා ක්‍රියාත්මක කරන ලද මෙම පුහුණු වැඩමුළුවේ ආරම්භක දේශනය රෙජිමේන්තු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර, දේශණ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය, ඉඩම් දේපළ හා භඨ නිවාස අධ්‍යක්ෂ මණ්ඩලය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය, වත්කම් කළමණාකරන අධ්‍යක්ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය, හා යුද සේවා ලේකම් ශාඛාව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය. තවද දේශනවලට අමතරව ශාරීරික අභ්‍යාස හා යෝගා ව්‍යායාම ආදිය ද මෙයට අන්තර්ගත වූ අතර, වැඩමුළුවට සහභාගී වූ නිලධාරීන්හට මෙමගින් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

අණදෙන නිලධාරී වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් අවසන් දේශණය සඳහා රෙජිමේන්තු අධිපති සහභාගී වූ අතර, එදින වැඩසටහනට සහභාගි වු සියළුම නිලධාරීන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා වැඩමුළුවට සහභාගීවූ නිලධාරීන්හට සහතිකපත් ප්‍රදානයකර සාර්ථක පුහුණු වැඩමුළුවක් නිමාවට පත්කරන ලදී.