Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd May 2024 21:10:10 Hours

රට දැය රැකුමට තවත් - සෙබළ පුතුන් පිරිසක් එක්වූ වගයි...

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි විසිරයෑමේ උත්සවය 2024 මැයි මස 03 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

2023.10.30 වන දින සිට 2024.05.03 දින දක්වා මාස 06 ක කාලසීමාවක් පැවැත්වූ මෙම ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ සෙබළුන් 450 දෙනෙකු මෙදින විසිර යන ලදී. පාඨමාලාවේදී විවධ දක්ෂතා දැක්වූ ආධුනික සෙබළුන් අතරින් සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස සෙ/2135704 ආධුනික සෙබළ රත්නායක ආර්එන්සීඑස්, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස සෙ/2131609 ආධුනික සෙබළ බණ්ඩාර අයිජීඅයි සහ හොදම වෙඩිකරු ලෙස සෙ/213958 ආධුනික සෙබළ අබේසේකර එස්ටී යන සෙබළුන් පැමිණි ආරාධිත අමුත්තාගේ සුරතින් සම්මාන හා සහතිකපත් හිමිකරගන්නා ලදී.

මෙම ආධුනික පුහුණු පාඨමාලාව බූස්ස පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එච්ඒඩීවීකේ ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහගේ අධීක්ෂණය මත ශ්‍රීලපාහ රෙජිමේන්තුවට අයත් උපදේශක නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඉතා සාර්ථකව සිදුකළ යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.