Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th April 2024 12:49:21 Hours

පාබල හමුදා සූර්ය මංගල්‍යය - 2024

රෙම ශ්‍රීලපාහ සූර්යමංගල්‍යය උත්සවය 2024 ක්වූ බක් මස 10 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සහ පාබල හමුදා සේවා වනිතා සංගමයේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පාබල හමුදා රසල්හයින් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් ජාතික ධජය හා රෙජිමේන්තු ධජය ඔසවා උත්සවත්ශ්‍රීයෙන් ආරම්භ කරන ලදි.

හෙළ ගැමි සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් ඉදිකළ ගමක අසිරිය තේමා කරගත් වලව්ව, ගැමි ගෙදර, වෙද ගෙදර, කුඹල් ගෙදර, විංකලය සහ ගෙවිපොළකින් සමන්විත ඉපැරණි සිංහල සංස්කෘතික අංග රාශියකින් මෙවර රෙම ශ්‍රීලපාහ සූර්යය මංගල්‍යය සංවිධානය කර තිබුණි. සුර්ය මංගල්‍ය උත්සවය නැරඹීම සඳහා උත්සව භූමිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සම්භාවනීය පිරිස ගමේ ආරච්චිල ඇතුළු පිරිස විසින් අලුත් අවුරුදු චාරිත්‍ර වලට අනුව පිළිගන්නා ලදී.

මෙවර අවුරුදු උලෙළ විවධ අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වූ අතර, ගම හරහා දිවීම, කොට්ටාපොරය, ලිස්සන ගසේ නැගීම, පොල් අතු විවීම, සිඟිති දරුවන් සඳහා බැලුන් පිපිරවීම, බනිස් කෑමේ තරඟය හා 2024 අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි අලුත් අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වුනි. මෙම සියලුම තරඟ ඉසව් සඳහා පාබල හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වූ අතර, ජයග්‍රාහී අයවලුන් වෙත ත්‍යාග පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් හා පැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. මෙවර සූර්යමංගල්‍යය රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රුවන් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ රෙජිමේන්තු නිලධාරීන් හා සෙසු නිලයන් විසින් සංවිධානය කර තිබුනි.