Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th April 2024 11:53:11 Hours

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සේවා වනිතා ශාඛාව යටතේ සිටින සියළුම සෙබළුන් හා සිවිල් සේවක මහතුන් වෙත ත්‍යාග ලබාදීම

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සේවා වනිතා ශාඛාවේ රාජකාරි කරනු ලබන කාර්යමණ්ඩලය හා සිවිල් සේවක මහතුන් වෙත ත්‍යාග පිරිනැමීම 2024.04.06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදී සිදුකරන ලදී.

සේවා වනිතා ශාඛාව යටතේ පාලනය වන සුබසාධක ව්‍යාපෘතියන්හී රාජකාරි සිදු කරනු ලබන සෙබළුන් විසින් සේවා වනිතා ශාඛාවේ මුල්‍ය පද්ධතියේ උන්නතිය උදෙසා අසීමිත කැපවීමෙන් යුතුව සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි සිදු කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ සේවය අගයනු වස් මෙම අලුත් අවුරුදු ත්‍යාග පරිත්‍යාග කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය සහභාගී විය.