Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd April 2024 18:48:21 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 1 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 02 වන දින පළවන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.

මෙම සංචාරයේදි 1 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊඒඑල්සී එදිරිසිංහ ආර්එස්පි ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි. මෙම සංචාරයේදි රෙජිමේන්තු අධිපති තුමන් විසින් භටපිරිස් අමතමින් රාජකාරී කරන සියලූම නිලයන්හි රාජකාරී ස්භාවයන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් සහ එක් එක් තනතුරු වලට අදාලව පැවරි ඇති රාජකාරීන් පිළිබඳව සහ තමන්ගේ රැකියාවෙහි සුරක්ෂිතභාවය ආරක්ෂාකරගැනීම හා එහි එහි වැදගත්කම මනාව අවබෝධ කරදෙන ලදී. තවද සෙබළෙකුගේ රාජකාරිය විහිදී ඇති වපසරිය සහ ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය, පුද්ගල ආරක්ෂාවේ නීතීය නිවැරදිව භාවිතා කළයුතු ආකාරය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි විපාක සහ තම පවුලට සහ රැකියාවට ඒ තුලින් එල්ලවන තර්ජන බලපෑම්, හොඳ විනයගරුක සෙබළෙකු වශයෙන් තමන්ගේ මාසික වේතනය නිවැරිදව කළමණාකරණය කර ගන්නා ආකාරය, තම දෙමාපියන්ට සැලකීමේ ඇති වැඳගත්කම හා එහි ආදීනව ඉතා මැනැවින් පහදා දෙන ලදී. එමෙන්ම යුද හමුදාවේ ගෞරවයට හා කිර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදුනොකිරීම මෙන්ම යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධ කරදී, බළඇණියේ සියලු නිලධාරීන්ට හා සෙසු නිලයින් හට ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන ලදී.‍

එමෙන්ම මෙම සංචාරයේදී බළඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු සහ සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව රෙජිමේන්තු අධිපති සිය බළඇනි සංචාරය නිමාකල අතර මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීද සහභාගී විය.