Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st April 2024 22:35:57 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සංගමයේ 71 වෙනි වාර්ෂික මහා සමුළුව - 2024

වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වේ. එහි 71 වෙනි වාර්ෂික මහා සමුළුව 2024 මාර්තු මස 30 දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවැත්වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල හමුදා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි උන්නතිය සහ සංවර්ධනය උදෙසා සහය දැක්වීමට මෙන්ම විශ්‍රාමික සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සිදු කිරිමේ මුලික අරමුණින් ස්ථාපනය කරන ලද පාබල හමුදා සංගමය වර්තමානය වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි ස්ථාපනය කර ඇති විශ්‍රාමික සංගම් අතර ශක්තිමත් විශ්‍රාමික සංගමයක් බවට පත්වී ඇත.

2024 මාර්තු මස 30 දින පැවති පාබල හමුදා සංගමය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කළ අතර එහිදි ගරු සභාපති ලෙස මෙම වසරේදීත් ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි පත්වූ අතර, උප සභාපති ලෙස මේජර් ජෙනරාල් කේජේ ජයවීර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් ජ්‍යේෂ්ඨ නිලධාරී පත්විය. ප්‍රධාන අනුශාසක වශයෙන් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී හා උප අනුශාසකවරුන් වශයෙන් මේජර් ජෙනරාල් ඒඑම්යූ සෙනෙවිරත්න (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී හා මේජර් ජෙනරාල් ජීබීඩබ්ලිව් ජයසුන්දර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් පත්විය. තවද ගරු ලේකම් කපිතන් ඩබ්ලිව්ජේ සිරිවර්ධන (විශ්‍රාමික) යූඑස්පී ද, උප ලේකම් මේජර් කේඒඑස්එච් කරුණාතිලක (විශ්‍රාමික) ආර්එස්පී ද, ගරු භාණ්ඩාගාරික මේජර් එච්ඩීඩී රංසි (විශ්‍රාමික) ආර්එස්පී ජ්‍යේඨ නිලධාරී හා උප භාණ්ඩාගාරික කපිතන් ආර් ලියනගේ (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් පත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමිකව සිටින ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරු ඇතුළු රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ. තවද මෙම සමුළුව සඳහා වත්මන් යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන් මෙම සංවත්සර උත්සවය සඳහා සහභාගි විය.