Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th March 2024 18:08:14 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ බළඇණි සංචාරයන්

ශ්‍රී ලංකා පාබල හමුදා 17 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමෙන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ ප්‍රථම අදියර සනිටුහන් කරමින් 2024 මාර්තු මස 22 වන දින 12, 15, සහ 19 යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 23 වන දින 3,7,10, හා 9 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 24 වන දින 4, 6 හා 17 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල නිරීක්‍ෂණ සංචාරයන් සිදුකරන ලදී.

මෙම සංචාරයේදී සෑම බලඇණියකම අණදෙන නිලධාරීවරුන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. මෙම සංචාරයේදී රෙජිමේන්තු අධිපති විසින් සෑම බළඇණියකම භටපිරිස් අමතමින් රාජකාරී කරන සියලුම නිලයන්හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි ආකාරය පිළිබඳ පෙන්වා දෙන ලදී. විශේෂයෙන් තම වැටුප නිසිලෙස කළමණාකරණය කරගනිමින් තමන්හට දරාගැනීමට නොහැකි ආකාරයට ණය ලබා නොගැනීම, යුද්ධ හමුදා සුබසාධන වරප්‍රසාද පිළිබඳව දැනුවත්ව සිටීම, යුද හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කිරීම. සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී තමන්ගේද අන්අයගේද ආත්මගරුත්වයට හානියක් නොවන පරිද්දෙන් ඒවා භාවිතා කිරීමට කටයුතු කිරීම, අද සමාජයේ බහුලව පවතින "1xBet" වැනි අන්තර්ජාල සූදු ක්‍රීඩාවලින් වැළකී තම ආර්ථිකමය සුරක්ෂිතභාවය ආරක්ෂා කරගනිමින් ක්‍රියා කිරීම, වර්තමානයේ බහුලව පවතින මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, හා බෙදාහැරීම වැනී නීතිවිරෝධී කටයුතු සඳහා කිසිලෙසකින්වත් යුද හමුදා සාමාජිකයන් ලෙස සම්බන්ද නොවීම, එමෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන්නෙකු නොවීම, රාජකාරී කටයුතු සිදුකිරීමේ දී සිවිල් ජනතාව සමග සුහදශීලීව කටයුතු කිරීමේ වැදගත්කම, මහජනතාව මෙන්ම රාජ්‍ය දේපළද ආරක්ෂා කිරීමෙහිලා කැපවීමෙන් රාජකාරී සිදුකිරීම, යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදු නොකිරීම මෙන්ම යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධ කරදීම මෙන්ම යුද හමුදාවේ ඉදිරි දැක්ම පිළිබඳව බළඇණිවල සිටි සියලු නිලධාරින් හා සෙසුනිලයින් දැනුවත් කරන ලදී.

මෙම සංචාරයට සමගාමීව 7 ශ්‍රීලපාහ බළඇණියේ නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු සැරයන් මේජර් නිල නිවස්නය රෙජිමේන්තු අධිපති සුරතින් විවෘත කළ අතර, බළඇණි කීපයකම සෙසුනිලයින් සමග දිවා භෝජන සංග්‍රහයන් සඳහාද රෙජිමේන්තු අධිපති සහභාගී විය. එමෙන්ම සංචාරයේදී බළඇණිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව සංචාරය කළ සෑම බළඇණියකම නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ සුහද පිළිසඳරකින් අනතුරුව රෙජිමේන්තු අධිපති තම බළඇණි සංචාරය නිමා කරන ලදී.