Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th March 2024 21:14:50 Hours

ලෝක කාන්තා දිනයට සමගාමීව පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිදු කල සුවිශේෂි මෙහෙවර

ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු ඉහළ නංවමින් ඉතාමත් සුවිශාල වූ කාර්යභාරයක් සිදුකරනු ලබන පාබල හමුදා සේවා වනිතා ශාඛාව 1990 වර්ෂයේ පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදී. එදා මෙදාතුර පාබල හමුදා රෙජිමේන්තුවට අයත් රණවිරුවන් හා සිවිල් සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උදෙසා විවිධ වු වෛද්‍යාධාර, ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ ලබාදීම, නව නිවාස හා නිවාස අධාර පිරිනැමීම ආදී විවිධාකාර සුබසාධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදුකර ඇත.

සේවාවනිතා ශඛාවේ වත්මන් ගරු සභාපතිතුමිය වන වජිරා පෙරේරා මැතිණියගේ උදාරතර සංකල්පයක් මත ලෝක කාන්තා දිනයට සමගාමීව 2024.03.23 වන දින රෙම ශ්‍රිලපාහ අයත් නිලධාරීන්ගේ හා සෙසු නිලයින්ගේ බිරින්දැවරුන් 150ක පමණ සහාභාගිත්වයෙන් දිවයිනේ ප්‍රසිද්ධ ප්‍රවිණ රූපලාවණ්‍යය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ නිරූපන ශිල්පී රුක්මාල් සේනානායක මහතා විසින් රුපලාවන්‍ය හා නිරුපන ශිල්පිය පිලිබඳ හරවත් වැඩමුලුවක් පවත්වන ලදී. මෙම වැඩසටහන තවත් අර්ථවත් කිරීම පිණිස සිදු කරන ලද සුවිශේෂි කරුණක් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ හා සෙසුනිලයින්ගේ ගර්භණී බිරින්දැවරුන් 18 දෙනෙකු වෙත ඉතා වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටලයක් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම එදින සන්ද්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා සමුළුව වත්මන් ගරු සභාපතිණි වජිරා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී සිදු කල අතර, මෙහි දී සේවා වනිතා ශාඛාවේ ඉදිරි අභිවෘද්ධීය සඳහා වූ නව නිලමඩුල්ල පත්කර ගැනීම සහ ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සුබසාධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී.