Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th March 2024 11:22:42 Hours

2024 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වොලිබෝල් ශූරතා තරඟාවලියේ අනු ශූරතාවය හිමිකරගැනීමට රෙම ශ්‍රීලපාහ වොලිබොල් කණ්ඩායම සමත්වෙයි...

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සංවිධානය කරන ලද ස්වේච්ඡා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024.03.22 වන දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

රෙජිමේන්තු අතර කරට කර පැවති උණුසුම් තරඟ වට කිහිපයකින් පසු අවසන් මහ තරඟය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කණ්ඩායම හා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සමඟ පැවති අතර, ඉතා තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකා පාබල හමුදා වොලිබෝල් කණ්ඩායමට එහි අනු ශූරතාවය හිමිවිය. මෙම තරඟාවලියේ හොඳම පිටිය රකින්නා සෙ/ඩි103108 පාසෙ අමරසිංහ ඒටි - 2 (සෙව්) ශ්‍රීලපාහ සහ දක්ෂතම ප්‍රහාරකයා හා හොඳම පන්දු පිරිනමන්නා ලෙස සෙ/ඩි100758 ලාකෝ සාම කුමාර කේඑම්එස් - 2 (සෙව්) ශ්‍රීලපාහ ක්‍රීඩකයින් කුසලාන හා සහතික පත්‍ දිනා ගැනීමට සමත් විය.

හිමිකරගත් මෙම ජයග්‍රහනය වෙනුවෙන් පාබල හමුදා රෙජිමේන්තුවේ ජයග්‍රාහී ජවසම්පන්න ක්‍රීඩකයින් වෙත රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ හදපිරි සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.