Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st March 2024 21:42:56 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

වසර 36 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මාර්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා පාලන නිලධාරී තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා පාබල හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. එදින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනැමූ කඳවුරු මුරය හා උත්කර්ෂවත් සම්මාන පෙළපාලිය පිළිගැනීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත ගොස් එයට පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමා එම ස්ථානයේ දී නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. ඉන්පසුව එතුමන් විසින් රෙම ශ්‍රීලපාහ දේශන ශාලාවේදී භටපිරිස් අමතා සම්මාණ පෙළපාලියට සහභාගී වූ සියලුම සාමාජිකයන් හා එම උත්සව අවස්ථාවට සහභාගීවූ සියලු නිලධාරීන් හා සෙසුනිලයන් වෙත තම කෘතඥතාවය පළකිරීමෙන් පසුව එතුමන් කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී සෙසුනිළයින් හා තම සහෝදර නිලධාරීන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

විශ්‍රාම යන බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමනි! ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුලු සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.