Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th May 2023 22:11:47 Hours

යලි පිබිදුනු 3 වන බළඇණියේ ඉතිහාස පොත එළිදැක්වීම

ශ්‍රී ලංකා පාබල හමුදා 3 වන බළඇණිය 1985.12.16 දින පාබල හමුදා පවුල වෙත නවතමයෙන් එක්වන ලදී. රණකාමී අතීත මතකයන්ගෙන් පරිපූර්ණ බළඇණියක් සහ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ බළඇණියක් ලෙස මාතෘභූමිය රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දියත් කරන ලද සියලු ක්‍රියාන්විතයන්ට සක්‍රීය දායකත්වයක් ලබා දෙන ලදී.

2007 පෙබරවාරි මස 04 වන දින බළඇණියේ කාර්යයශූරත්වය සහ රණකාමීත්වය සලකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බළඇණියක් ලෙස අනියුක්ත වන ලදී. ඉන් අනතුරුව වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති ජගත් කොඩිතුවක්කු සහ වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති චන්න වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැඩි උනන්දුව හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2022.11.23 වන දින 3 ශ්‍රීලපාහ බළඇණිය උත්සවශ්‍රීයෙන් යළි ප්‍රතිස්ථාපනය කරන ලදී.

1985.12.16 වන දින සිට මෙම බළඇණිය යුදමය වාතාවරණය පැවති අවධියේ සිට ඒ සඳහා සක්‍රිය දායකත්වයක් දක්වමින් විශිෂ්ට ජයග්‍රහණයන් අත්කර ගැනීම සඳහාත් මෙම බළඇණිය මෙතෙක් දුර රැගෙන ඒමට නියමුවන් 11 දෙනෙකුගේ අභිත නායකත්වය මෙම බළඇණිය වෙත ලබාදෙන ලදී. එම විජයග්‍රහණයන් සහ නායකත්වයන් සමගින් බළඇණියේ ප්‍රෞඪ ඉතිහාසය ග්‍රන්ථය පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය මත මැකී ගිය අතීත මතක සටහන් යළි ආවර්ජනය කිරීමේ අරමුණින් වත්මන් අණදෙන නිලධාරී මේජර් එච්එම්ඒඑච්බී හේරත් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කැපවීම මත “බළඇණි ඉතිහාසය” ග්‍රන්ථය එළිදක්වන ලදී.

මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරී වූ ලුතිනන් කර්නල් එන්ඩීඑම්එම් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි 1985.12.12 වන දින අනුරාධපුර තිසාවැව කඳවුරේදී සුබ මොහොතින් ආරම්භ කළ මෙම ඒකකය එවකට දිවයිනේ පැවැති අස්ථාවරභාවයන්හිදි හා කුරිරු ත්‍රස්ථාවාදය මුලිනුපුටා දැමීම සඳහා තම විරෝදාර දායකත්වය නොපිරිහෙලා ඉටුකරන ලදී. මෙම බළඇණිය මේ දක්වා ඉතා කාර්යශුර අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ද නිර්භීත සෙසුනිලයින්ගෙන්ද පෝෂණය වී ඒ අත්දැකීම් සමගින් දැනට කොළඹ ප්‍රදේශයේ ආරක්‍ෂාව සදහා ගුවන් සංග්‍රාමික බළඇණියක් ලෙස මනා දායකත්වයක් ලබාදෙයි. මෙතෙක් මෙම බළඇණිය ආ ගමන් මඟ සදහා උපදෙස් හා මගපෙන්වීම ලබාදුන් සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සියළුම සෙසුනිලයින් හටද තම ජීව දානයෙන් හා කායදානයෙන් කැපවූ සියලුම වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් වත්මන් රෙජිමේන්තු අධිපති ඇතුළු පාබල හමුදා පවුලේ සියලූම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ කෘතවේදී ස්තූතිය මෙසේ පුදකර සිටිමු.

එසේම 3 වන බළඇණියට අණදීම් සිදුකරන ලද සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙම රෙජිමේන්තුවේ සියලුම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම එම බළඇණියේ දැනට රාජකාරී කරනු ලබන ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව 2023.05.27 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවශ්‍රීයෙන් මෙම ග්‍රන්ථය දොරට වැඩුම සිදුකරන ලදී.