Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th May 2023 00:03:40 Hours

රෙජිමේන්තු අධිපතිගේ රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023.05.26 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණි සංචාරයක නිරත විය. රෙජිමේන්තුවට අයත් බළඇණිවල නිලධාරීන් හා සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මූලික පරමාර්ථය විය.

අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්ඒඑන් සමරනායක ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා උණුසුමින් පිළිගත් අතර, රෙජිමේන්තු අධිපති තම සංචාරය සිහිවීම පණිස කඳවුරු භූමියේ නා පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව බළඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව භටපිරිස් අමතා හරවත් දේශනයන් සිදුකර සමරු සටහන් පොතෙහි තම අත්සන සනිටුහන් කර බළඇණි සංචාරය නිම කරමින් කඳවුරු භූමියෙන් නික්ම යන ලදී.

මෙම සංචාරය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හා ප්‍රමානි 1 ලුතිනන් කර්නල් කේපීසී ධර්මසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වු අතර, රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් හා සෙසුනිලයින් විශාල පිරිසක්ද සහභාගී විය.