Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th May 2023 22:24:04 Hours

වෙසක් පුන්පොහෝ දිනයට සමගාමීව සේවාවනිතා කාලීන ධර්මදේශනා වැඩසටහන

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත 2023.05.13 වන දින ගංගොඩවිල සුනේත්‍ර මහාදේවී බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය උඩුපුස්සැල්ලායායේ චන්දිම හිමිපාණන් වහන්සේ වැඩම කරවීමෙන් රෙජිමේන්තු ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී කාලීන ධර්ම දේශනා වැඩසටහනක් පවත් වන ලදී.

වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිදුකළ ආගමික වැඩසටහන් අතරට තවත් එක් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් තිස් වසරක කුරිරු යුද්ධය නිමාකිරීමට දායකවී මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, රණක්ෂිතයට පත් රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් හා දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ පවුල්වල සියලුම සාමාජිකයින් හට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කිරීමේ උතුම් අරමුණ පෙරදැරිව සේවාවනිතා සංගමය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

දේශකයාණන් වහන්සේ විසින් වෙසක් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම හා ධර්මයට අනුව තම ජීවිත හැඩගස්වා ගනිමින් යහපත් බෞද්ධයෙකුවීමේ ඇති වැදගත්කම පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් පැවැත්වූ සුමධුර ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහා සේවාවනිතා ගරු සභාපතිනිය ප්‍රමුඛ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙම ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හා බළඇණිවලින් පැමිණි නිලධාරීන්, සෙසුනිලයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ ඥාතින් විශාල පිරිසක් ද මෙයට සහභාගී විය.