Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th May 2023 20:41:36 Hours

සම්බුදු තෙමඟුල සැමරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

2023.05.05 වන දිනට යෙදී තිබුණු වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් සිදුකරන ලදී.

වෙසක් පුන් පොහෝ දිනට සමගාමීව රෙජිමේන්තු පරිශ්‍රය පහන්කූඩුවලින් ආලෝකමත් කළ අතර සන්ධ්‍යාවේ දී රෙජිමේන්තු විහාරස්ථානය අබියස 1 ශ්‍රීලපාහ බළඇණිය හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලයින්ගේ සහභාගීත්වයෙන් පිටිපන පුරාණ විහාරාධිකාරී පූජ්‍ය සුගතවංස හිමිපාණන් වහස්සේ වැඩමකරවීමෙන් බෝධිපූජාමය පිංකමක් සිදුකරන ලද අතර, ආගමික වතාවත් සඳහා සහභාගී වූ සියලුම අයවලුන් වෙත බෙලිමල් පාණයක් ද ලබාදීමට කටයුතු කරන ලදී.

යුද්ධ හමුදා වෙසක් කලාපය සඳහා පාබල හමුදා රෙජිමේන්තුව වෙතින් ද දර්ශනීය පහන් කූඩු නිර්මාණය කර ඉදිරිපත් කළ අතර, මේ සඳහා 8 ශ්‍රීලපාහ බළඇණීය වෙතින් 15 x 15 ප්‍රමාණයේ පහන් කූඩුවක් හා 2 (සෙව්) ශ්‍රීලපාහ බළඇණිය වෙතින් 7 x 7 ප්‍රමාණයේ පහන් කූඩුවක් ඉදිරිපත් කරන ලදී. තවද වෙසක් දින පිංකම් මාලාවට සමගාමීව කැලණිය රජමහ විහරස්ථානය විසින් සංවිධානය කරනු ලබන වෙසක් දන්සල 1000 පැයේ සිට ආරම්භ කර අතර, 20000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රාත්‍රීකාලය පුරාවට පවත්වන ලදී. මේ සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් අහාර පිළියෙල කිරීම හා දන්සල පවත්වාගෙන යාම මගින් ඒ සඳහා දායකත්වය ලබාදෙන ලදී.

මෙම සියලුම වැඩසටහන් රෙජිමේන්තු අධිපති හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදුකරන ලදී.