Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th April 2023 19:03:15 Hours

සිදුකළ විශිෂ්ට සේවයට රෙජිමේන්තුවෙන් ලද ප්‍රණාමය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයක් මත වයස අවුරුදු 55 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යන නිත්‍ය/ස්වේඡා නිලධාරින් හට හා වෛද්‍ය හේතුන් මත නිත්‍යානුකුලව යුද්ධ හමුදාවෙන් අස්ව යන මෙම රෙජිමේන්තුවට අයත් සියලුම නිලධාරින් හට මුල්‍යම තිළිණයක් ලබාදීම සඳහා රෙජිමේන්තු මහකාරක සභාවේ තිරණයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය නිලතල හොබවමින් විශිෂ්ට සේවයක් ඉටුකර යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් වෙත ඔවුන්ගේ විශ්‍රාම දිවියට යම් අත්වැලක් ලෙස මූල්‍යාධාර පිරිනැමීම හා සිදුකළ කාර්යක්ෂම සේවය ඇගයීමකට ළක් කර එම සේවයට ප්‍රණාම පුදකිරීම 2023.04.18 වන දින මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී සුරතින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන් වන මේජර් එම්ජීඑස්එස් සිරිවර්ධන ශ්‍රීලපාහ සහ මේජර් සීඩී සෙල්ෆා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත රු 240000.00 ක් වටිනා පේෂණ පත් දෙකක් මෙහිදී ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාව සඳහා මානි 1 ලුතිනන් කර්නල් එච්බීටී ප්‍රියංකර ශ්‍රීලපාහ සහ ප්‍රමානි 1 ලුතිනන් කර්නල් කේපීසී ධර්මසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය.