Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th April 2023 21:15:46 Hours

සිදුකළ සේවය අගයමින් අවුරුදු ත්‍යාග පිරිනමයි….

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වාගෙන යනු ලබන ගැලන්ට් බේකරිය, ගැලන්ට් යෝගට් හා පානීය ජල බෝතල් ව්‍යාපෘතිය යන ආයතනයන්හි රාජකාරියේ නියුතු පාබල හමුදා සෙබළුන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරියේ නියුතු සියළුම සිවිල් සේවක මහතුන් වෙත සිදුකළ සේවය ඇගයීමක් ලෙස රු:697,500.00 ක මූල්‍ය ප්‍රතිපාදන මත එළබෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් වවුචර්පත් සහ ඇදුම් ප්‍රදානය කරන ලදී. තවද, සේවා වනිතා ශාඛාවේ උප මහජන සම්බන්ධතා නිලධාරිනී ඉන්දිරා හදුන්ගොඩ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සරණ බෞද්ධ පදනම වෙතින් අලුත් අවුරුද්දට අදාල ඇදුම්පැලදුම් වලින් සමන්විත ත්‍යාගයන් සියලු දෙනා හට ලබාදෙමින් මේ සඳහා දායකත්වය ලබාදීම විශේෂත්වයකි.

මෙම ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2023.04.08 වන දින රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේ දී පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී හා මධ්‍යස්ථාන නියොජ්‍ය සේනාවිධායක එල්එච්ආර්සී සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.