Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th April 2023 17:19:36 Hours

ලෙබනන් සාමසාධක රාජකාරි නිමාවෙන් පසු මෙරටට පැමිණි නිලධාරීන්/ සෙසුනිලයින් ආමන්ත්‍රණය කිරීම

13 වන සාමසාධක කණ්ඩය ලෙස එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් නිලධාරී 10 දෙනෙකු හා සෙසුනිළයින් 115 ගෙන් සමන්විත කණ්ඩායම 2022.02.05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර ඔවුන් ලෙබනන් රාජකාරි නිමාවෙන් පසු 2023 මාර්තු මස 08 දින තම මව් රට වෙත පැමිණෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිනාමය ඉහල නැන්විමට හා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටට අගනා කීර්තිනාමයක් ලබාදෙමින් ප්‍රශංසනීය ලෙස තම රාජකාරි ඉටුකර ඇති අතර මොවුන්ගේ රාජකාරි කටයුතු වලදි දක්වන ලද මනා කැපවීම හා විනය හේතුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව ඉතාමත් කීර්තියට පත්වන ලදී. මොවුන් කල සේවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමා විසින් ඇගයීමට ලක්කර තම ස්තුතිය පුද කරන ලදී.

ලෙබනන් රාජකාරි සදහා සහභාගි වු නිලධාරී/ සෙසු නිලයින්ගෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත එම බළඇණියේ මතක සටහන් ලෙස රාජකාරි කටයුතු සදහා පහසුවෙන් ගෙන යා හැකි බහුමාධ්‍ය ප්‍රොජෙක්ටරයක් ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතලු සියලුම නිලධාරී/ සෙසුනිලයින් සහභාගි වන ලදී.