Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th April 2023 17:17:17 Hours

2022 සරඹ තරගාවලියේ උපදේශකයන් වෙත උපහාර පිදීම හා 2023 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලිය සදහා සහභාගි වන නිලධාරී/ සෙසු නිලයින් ආමන්ත්‍රණය කිරීම

2022 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලිය සහ පියවරකෝදු තරගාවලිය සදහා සහභාගි වු සියලුම නිලධාරී/ සෙසුනිලයින් හා 2023 වර්ෂයේ සරඹ තරගාවලිය සහ පියවරකෝදු තරගාවලිය සදහා සහභාගි වන නිලධාරී/ සෙසුනිලයින් හට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ඉතා හරවත් දේශණයක් සිදුකරන ලදී.

තවද එම දේශණයේදි 2022 සරඹ ඛණ්ඩය ජයග්‍රහණය කිරීමට මහගු අඩිතාලමක් වු සරඹ උපදේශකයින් වෙත රෙජිමේන්තුව වෙනුවෙන් කෘතඥතාවය ප්‍රකාශකර ඔවුන් වෙත ප්‍රණාම සහතිකපත් ප්‍රධානය කරන ලදී. තවද එම දේශණයේදි 2019 හා 2022 වර්ෂයේ ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඉතා කීර්තියක් ලබාදුන් බවත් පවසන ලද අතර එම කීර්තිනාමය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සදහා පුද්ගලිකව කැපවිය යුතු ආකාරය පවසන ලදී. මෙහිදි සරඹ කණ්ඩය පුහුණුවිම් කල යුතු ආකාරයත් ඔවුන්ගේ නිරෝගිමත් බව හා මානසික තත්වය, විනය වැඩිදියුණු කල යුතු ආකාරයත් ප්‍රකාශ කරමින් ඔවුන්ට අවශ්‍ය චිත්ත ධෛර්ය ලබාදෙන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතලු සියලුම නිලධාරී/ සෙසුනිලයින් සහභාගි වන ලදී.