Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th June 2022 12:27:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවණීය උත්තමාචාරය...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි 2022 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නියැලෙන ලදි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව මාණ්ඩලික ප්‍රධානී ප්‍රධාන දොරටුව අභියස දී රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පි ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ගෞරවපූර්වකව පිළිගන්නා ලදී. අනතුරුව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු සරඹ භූමිය වෙත සපැමිණි මාණ්ඩලික ප්‍රධානී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ආචාර පීඨිකාව අසල දී පිළිගෙන සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහි දී යුද හමුදා සම්ප්‍රදායානුකූලව අභිනවයෙන් පත් වූ මාණ්ඩලික ප්‍රධානී වෙත අභිමානවත් සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිත පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ ඡයාරූපයකට පෙනීසිටි අතර, ඉන්පසු හට පිරිස් අමතා එතුමන්ගේ දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කර රටට ස්ථීර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම ප්‍රණාමය පුද කරන ලදී. අවසන් වශයෙන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වූ නව මාණ්ඩලික ප්‍රධානී නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ සුහඳ පිළිසදරක යෙදීමෙන් පසු රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යන ලදි.