Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th June 2022 11:21:13 Hours

සේවා වනිතා ශාඛාව වෙතින් වෙසක් පොහොය දිනට සමගාමීව පැවැත්වු ධර්ම දේශනාව

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනට සමගාමීව ධර්ම දේශණා වැඩසටහනක් පවත්වන ලදී. එය තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදී මියගිය වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණබිමේදි රණක්‍ෂිතයට පත්ව මේවන විට නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, දැනට රාජකාරියේ නියුතු සියළුම නිලධාරි/ සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට නිරෝගී සූවය ප්‍රාර්ථනා කර සෙත් පැතිමේ අරමුණු පෙරදැරි කරගෙන සිකදුකරන ලදී.

මෙම ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුනගහ ශ්‍රී ජේතවනාරාමයේ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් 2022.05.28 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

මෙම ආගමික වැඩ සටහන් මාලාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්විමෙන් හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිනියගේ පූර්ණ අධික්‍ෂනය යටතේ සිදු කෙරිනි. මෙම ධර්ම දේශනාව වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි, මාණ්ඩලික නිලධාරින් පිරිසක්ද, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් හා සෙසුනිලයන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.