Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th May 2022 14:53:48 Hours

රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රිම පාද ලබාදීම

තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දී රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වන ලද වීරෝධාර රණවිරුවන් 40 දෙනෙකු වෙනුවෙන් රු. 4,450,000.00 ක වටිනාකමින් යුත් කෘත්‍රිම පාද ලබාදීමේ වැඩසටහනක් 2022.05.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩ සටහන් මාලාව පාබල හමුදා සේවා වනිතා ශාඛාව හා රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර ඊට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම මහඟු සත්කාරය පරිත්‍යාගශීලී පාලින්ද සමරසිංහ මැතිතුමා සහ එම මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණු අතර ඔවුන් විසින් මීට පෙරද 2018 වර්ෂයේ කෘත්‍රිම පාද 26 ක් ද, 2019 වර්ෂයේ කෘත්‍රිම පාද 29 ක් හා 2020 වර්ෂයේ කෘත්‍රිම පාද 65 ක් වශයෙන් මුළු පාද 120 ක ප්‍රමාණයක් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කර ඇත.