Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th April 2022 11:21:13 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් පීජේපී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී

වසර 35 කට ආසන්න යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් පීජේපී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 මාර්තු මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මේජර් ජෙනරාල් පීජේපී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ජාතිය වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පීජේපී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර පසුව රණවිරු ස්මාරකය අභියසදී සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුල ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකල එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුල පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියළුම මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සේවය ඇගයීමට ලක් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් විශේෂ සමරු තිළිණයක් එතුමන් වෙත පිරිනමන ලද අතර මෙම සියළු අවස්ථාවන් කොරොනා ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව සිදු කරන ලදී.