Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th April 2022 11:11:42 Hours

සේවාවනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරන ලද තවත් මහගු සත්කාරයක්

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ ‍මෙම සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වාගෙන යනු ලබන ගැලන්ට් බේකරි ආයතනයේ, ගැලන්ට් යෝගට් ව්‍යාපෘතියේ, ගැලන්ට් පානීය ජල බෝතල් ව්‍යාපෘතියේ සහ මෙම රෙජිම රාජකාරී කරනු ලබන සියළුම සිවිල් සේවක මහතුන් හට එළබෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරීම ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2022.04.11 වන දින 1000 පැයට මෙම රෙජිම දේශණ ශාලාවේදී පවත්වන ලදි. ඒ සඳහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ න සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යේෂ්ඨ න නිලධාරීන් සහභාගීවූ අතර, එම අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරීම දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.