Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th April 2022 11:05:57 Hours

පාබල හමුදා සමුළුව

වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වන අතර, එහි වාර්ෂික සමුළුව 2022 මාර්තු මස 19 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරින් ඇතුලු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි උන්නතිය සහ සංවර්ධනය උදෙසා සහය දැක්වීමට මෙන්ම විශ්‍රාමික සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සිදු කිරිමේ මුලික අරමුණින් ස්ථාපනය කරන ලද පාබල හමුදා සංගමයේ වර්තමානයෙහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි ස්ථාපනය කර ඇති විශ්‍රාමික සංගම් අතර ශක්තිමත් විශ්‍රාමික සංගමය වශයෙන් පත්වී ඇත.

2022 මාර්තු මස 19 දින පැවති පාබල හමුදා සංගමය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කල අතර එහිදි ගරු සභාපති ලෙස තේරී පත්වු ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් සභාව මෙහෙයවන ලදී. මෙම උත්සවය සදහා පැමිණි ජ්‍යේෂ්ඨ අනුශාසක මේජර් ජෙනරාල් එම්ටීඩබ්ලිව් පොන්නම්පෙරුම (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී, ජ්‍යේෂ්ඨ උප අනුශාසක වරුන් වන මේජර් ජෙනරාල් ඒඑම්යු සෙනෙවිරත්න (විශ්‍රාමික) ආර්එස්පී යුඑස්පී එන්ඩීසී, ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරාල් එන් මල්ලවආරච්චි (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරින් සහභාගී වන ලදී.

වත්මන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් මෙම සංවත්සර උත්සවය මනාලෙස සංවිධානය කිරීම සඳහා රෙජිමේන්තු කාර්ය මණ්ඩලය හට මග පෙන්වීම සිදුකරන ලදී. තවද, මෙම සියළු අවස්ථාවන් කොරොනා ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව සිදු කරන ලදී.