Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 20:53:11 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ 15 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව සේවාවනිතා ශාඛාව වෙතින් රු:1,000,000.00 ක මුදලක් වැයකර නො:109/118, අරමංගොඩ, හේනේගම, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 15 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/331795 සාසෙ මදුෂංඛ පීඒජී (මියගිය) යන සෙනීගේ ලඟම ඥාතියා වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවසේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද දින (2021.11.11) 1112 පැයට යෙදී තිබූ සුභ මොහොතින් නිවසේ මුල්ගල තැබීමේ කටයුත්ත සිදුකරන ලදි. එම අවස්ථාව සඳහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව අදාළ කටයුත්ත ඉතා චාම් අන්දමින් සිදු කරන ලදී.