Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 20:21:17 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් නව අවන්හලක් විවෘත කිරීම

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රීලපාහ ගැලන්ට් බේකරි ආයතනයට අයත් පිටිපන පිහිටි අවන්හල තුල නවතමයෙන් ඉදිකරන ලද කොත්තු සහ ආප්ප අවන්හල 2021.10.24 වන දින පස්වරු 1700 පැයට යෙදුන සුභ මොහොතේදී සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් විවෘත කරන ලදි. එම අවස්ථාව සඳහා ගරු උප සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගීවූ අතර, දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව අවන්හල විවෘත කිරීමේ කටයුත්ත ඉතා චාම් අන්දමින් සිදු කරන ලදී.