Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th August 2021 14:40:21 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ මුල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩ පිළිවෙළෙහි දෙවන අදියර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිනියගේ පූර්ණ මග පෙන්වීම යටතේ ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවෙකු හට නිවසක් ඉදිකරදීමේ මහඟු සත්කාරයේ දෙවන පියවර යටතේ 23 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් අංක 221, අඩම්පනේ, නොච්චියාගම ලිපිනයේ පදිංචි එම ඒකකයට අයත් සෙ/319201කෝප්‍රල් ඒකනායක ඩබ්ලිව්ඊආර්ඩබ්ලිව්එම්යුජීඑස් හට රුපියල් 1,500,000.00 ක් වටිනා නව නිවසක් ඉදිකර 2021.08.14 දින 1021 පැයට යෙදුන සුභ මොහොතින් නිවාසලාභී කොනොනි හට නිවසේ යතුර භාරදෙන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපතිතුමන්, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය, සේවාවනිතා සෙසු සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහභාගිවන ලදී. තවද මෙම උත්සවය ඉතා චාම් අයුරින් රටේ පවතින කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකුලව සිදුකරන ලදී.