Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th December 2020 15:22:45 Hours

තවත් ආබාධිත රණවිරුවෙකු හට නව නිවාස ආධාර ලබාදීම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන සුජීවා ශ්‍රීමති ද ආබ්‍රේව් මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/314506 බනි II සම්පත් එන්ඩීසී (ආබාධිත) යන බළලත් නිලධාරීගේ ඉදිකරමින් පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සදහා රු:100000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රටතුල පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.12.16 වන දින ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් තත් බළලත් නිලධාරී හට පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමා සහ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී තුමා ඇතුළු සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමා සහභාගී වන ලදි.