Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st December 2020 10:04:26 Hours

ශ්‍රි ලංකා පාබල හමුදාවට අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිවපි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සිය ධුරයේ රාජකාරින් භාරගන්නා ලදී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු 13 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිවපි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාරගැනිම සදහා 2020.11.30 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ගෞරවපූර්වකව පිළිගැනිමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් ලබා දෙන ලදී. ඉන් පසු සම්මාන මුරය පරික්‍ෂා කිරිම සදහා සපැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් ආචාර පීඨිකාව අසලදී පිළිගෙන සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහිදී යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන මුරයක් නව රෙජිමේන්තු අධිපති තුමා වෙත ලබාදෙන ලදි.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. පසුව රෙජිමේන්තු අධිපති තුමන් තම කාර්යාලයේදී සමප්‍රදායානුකූලව ආගමික වතාවත් මැද පොල්තෙල් පහන දල්වා සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. ඉන් පසු මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමඟ ඡයාරූපයකට ද පෙනීසිටිමෙන් පසු නව රෙජිමේන්තු අධිපති තුමන් බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

ඉන්පසු භඨ පිරිස් අමතමින් එතුමන්ගේ දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කල අතර රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලදී. මෙම සියළු අවස්ථාවන් කොරෝනා ව්‍යාප්ත වීම වැලැක්විමේ නිතිරිති වලට අදාල සිදුකරණ ලදී.