Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th November 2020 23:18:10 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති අයෙකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 24 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ නො:82/1, ඉහලගම, මැදවෙල, හාරිස්පත්තුව ලිපිනයේ පදිංචි එප්එල් 4 ඩබ්ලිවි18660 භෝසේ එල්ඒකේ පත්මසිරි යන සිවිල් සේවක මහතා හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2020.11.25 වන දින 10.18 පැයට යෙදුනු සුභ මොහොතින් සිවිල් සේවක මහතා හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහා කාරකසභාවේ ජෙයෂ්ඨ සාමාජිකයින් පිරිසක් සහ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.