Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th October 2020 16:29:53 Hours

ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ 2(සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් යන කොනොනිගේ නව නිවස ඉදිකිරීම සදහා අනුමත කරන ලද රු:800.000.00 ක මුදලින් දෙවන වාරික මුදල වන රු:300.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් සහ 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/315206 ලාකෝ වෛද්‍යරත්න ඩබ්ලිව්එස්එම්පීකේ යන කොනොනිගේ අඩක් නිම කර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු සදහා අනුමත කරන ලද රු:500.000.00 ක මුදලින් පලමු වාරික මුදල වන රු:300.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රට තුල පවතින කොරෝනා වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.10.16 වන දින රෙම ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් නිවාස ලාභීන් හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමන් සහභාගී වන ලදී.