Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th September 2020 18:34:37 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය පස්වන අධියර

ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ පස්වන අදියර 5 (සෙව්) ශ්‍රීලපාහ හා 6 ශ්‍රීලපාහ හි 2020 සැප්තැම්බර් මස 28 වන දින සිදු කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින පළමුවෙන්ම 5 (සෙව්) ශ්‍රීලපාහ සහ දෙවනුව 6 ශ්‍රීලපාහ ඒකකයෙහි සංචාරය සිදුකරන ලද අතර, එහිදි 5 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් එස්ඩී රත්නසිරි ශ්‍රිලපාහ හා 6 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්ඒඒපී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ විසින් තම ඒකක වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව කදවුරු සම්මාණ මුරයක් පිරිනමමින් පිළිගන්නා ලදී.

රෙජිමේන්තු අධිපති තුමන් මෙම සංචාරයේදී ඒකකයන් වශයෙන් ලබා ඇති ඡයග්‍රහන පිළිබඳව පැසසුමට ලක්කල අතර, අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ඒකකයන් යටතේ රාජකාරි කරනු ලබන සියලු දෙනා තුල විනය ඉතා උසස් මට්ටමකින් පවත්වාගැනීමෙන් යුද හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බැව් සදහන් කල අතර ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම් ලබාදෙමින් භඨ පිරිස් අමතා විශේෂයෙන් වත්මනෙහි යුද හමුදා සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට සහ එම ව්‍යපාර වලට සම්බන්ධ වීම හා විවිධ අපචාර ක්‍රීයා වලට යොමුවීමේ නැඹුරුවක් පවතින බව පෙනීගොස් ඇති බැවින් එම ක්‍රියා වලින් වැලකී යුද හමුදාවේ ගෞරවයට හානි නොවන අයුරින් ක්‍රියා කලයුතු ආකාරය පිළිබද අවබෝධයක් ලබාදෙමින් හරවත් දේශනයන්ද සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද රෙජිමේන්තු ස්වේච්ඡා සම්බන්ධිකරන නිලධාරි ලුතිතන් කර්නල් යු වනිගසූරිය ශ්‍රිලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ද සහභාගී වන ලදී.