Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th September 2020 18:05:45 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය සිව්වන අධියර

ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ සිව්වන අදියර 4 ශ්‍රීලපාහ හා 24 ශ්‍රීලපාහ හි 2020 සැප්තැම්බර් මස 27 වන දින සිදු කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින පළමුවෙන්ම 24 ශ්‍රීලපාහ සහ දෙවනුව 4 ශ්‍රීලපාහ ඒකකයෙහි සංචාරය සිදුකරන ලද අතර, එහිදි 24 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්ආර්ඒජේකේකේ බස්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඒකක වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව කදවුරු සම්මාණ මුරයක් පිරිනමමින් පිළිගැනිමෙන් අණතුරුව අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය හා බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ ආරාධිත විවේකාගාරය රෙජිමේන්තු අධිපතිතුමන්ගේ අතින් සුභ මොහොතින් විවෘත්ත කරන ලදී. පසුව 4 ශ්‍රීලපාහ ඒකක වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් කදවුරු සම්මාණ මුරයක් පිරිනමමින් 4 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් අයිටිකේ හපුආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ශ්‍රිලපාහ විසින් රෙජිමේන්තු අධිපති තුමන්ව ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී.

රෙජිමේන්තු අධිපති තුමන් මෙම සංචාරයේදී ඒකකයන් වශයෙන් ලබා ඇති ඡයග්‍රහන පිළිබඳව පැසසුමට ලක්කල අතර, අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ඒකකයන් යටතේ රාජකාරි කරනු ලබන සියලු දෙනා තුල විනය ඉතා උසස් මට්ටමකින් පවත්වාගැනීමෙන් යුද හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බැව් සදහන් කල අතර ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම් ලබාදෙමින් භඨ පිරිස් අමතා වටිනා දේශනයන්ද සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගී වන ලදී.