Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th September 2020 15:59:07 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද බෝධිපුජා පිංකම

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සියළුම ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකයින් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්ගේද නොමසුරු දායකත්වය ඇතිව දැනට රෝගාතුරව සිටින රෝසිඇනා ගමගේ මහත්මිය ඇතුළු ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි කරනු ලබන සහ සියළුම ශ්‍රීලපාහ (නිත්‍ය/ ස්වේච්ජා) ඒකකයන්හි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල මේ වන විට රෝගාතුරව පසුවන සියළුම අයවළුන් හට නිරෝගි සුවය ප්‍රාර්ථනා කර සෙත්පතා 2020.09.06 වන දින සවස 0600 පැයට රෙම ශ්‍රීලපාහ විහාරස්ථාන භූමියේදි බෝධිපුජා පිංකමක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකාවන්, ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.