Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th August 2020 22:05:57 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු ස‍භාපති තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 14(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ රාජකාරී නියුතු නි/9846 ලුතිතන් කේආර්කේටී මලින්ද ශ්‍රීලපාහ යන නිලධාරීගේ බිරිද හට සුසුම්නාවේ ඇතිවූ පි‍ළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව ඉනෙන් පහල කොටස අකාර්යක්‍ෂම වී ඇති බවත්, තත් නිලධාරී පත්ව ඇති අසරණ තත්වය පිළිබදව සලකා බලා රු:50,000.00 මුදලකට අදාල ප්‍රේශණපතක් එම නිලධාරී හට සහ 14(සෙව් ශ්‍රීලපාහ ඒකකයට අයත් හදිසි අනතුරකින් මියගිය සෙ/14ඩී01467 සාසෙ ඒකනායක ඊඑම්එස් යන සෙනීගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් (එක් දරුවෙකු හට රු:25,000.00 ක් බැගින්) රු:50,000.00 ක මුදලක් 2020.08.19 වන දින බැංකු ගතකර ඇති අතර, ඊට අදාල තැම්පතුපත් එම ඒකකයේ රාජකාරි නියුතු ලුතිතන් මදුරංග ශ්‍රීලපාහ යන නිලධාරී හට 2020.08.20 වන දින 0930 පැයට ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපති තුමිය වන අනූජා ජයවීර මහත්මියගේ සුරතින් පරිත්‍යාග කරන ලදි. තවද, එම අවස්ථාව සදහා රෙම ශ්‍රීලපාහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිල‍ධාරි ඇතුළු සෙසු සාමාජිකයින් පිරිසක් ද සහභාගී වන ලදි.