Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th August 2020 08:02:37 Hours

අභිනවයෙන් රාජකාරි භාරගත් 12 වන රෙජිමේන්තු අධිපති තුමන්ගේ බළඇණි සංචාරයේ පළමු අධියර වශයෙන් 1 ශ්‍රීලපාහ බළඇණි සංචාරය සිදුකල වගයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 12 වන රෙජිමේන්තු අධිපති ලෙස රජකාරි භාරගැනීමෙන් පසුව මෙම රෙජිමට අයත් නිත්‍ය බලඇණියන්හි පුරාගාමියා වු 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය 2020 අගෝස්තු මස 16 වන දින සිදුකරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ පැමිණිම අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊඑම්ඩබ්ලිව් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු අධිපති තුමන් යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව ගෞරවයෙන් ප්‍රධාන දොරටුව අසලදී පිළිගත් අතර, එතුමන් හට අභිමානවත් සම්මාන මුරයක් පරිනමන ලදී.

ඉන් පසුව 1 ශ්‍රීලපාහ බළඇණියේ කාර්යන් සහ වගකිම් පැහැදිලි කිරිම් වලට අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී සියලුම නිලයින් හට යුධ හමුදාවේ කාර්ය භාර්ය සහ මා හැගි විනය පවත්වාගෙන යා යුතු ආකාරය පිලිබදව ඉතා හරවත් දේශණයකින් පසු එතුමන්ගේ සංචාරය සිහිවිම වස් සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී. ඉන් අනතුරුව මෙතුමන් සියලුම නිලයන් සමග තේ පැන් සංග්‍රහය‍කට සහභාගි විමෙන් අනතුරුව සමරු පොතෙහි සටහනක් තබමින් බළඇණියේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 582 බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එරස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රෙම ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වන ලදී.