Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th August 2020 19:31:03 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ පැවති ප්‍රථම මහසභා රැස්විම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්විම 2020.08.10 වන දින රෙම ශ්‍රීලපාහ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. එහිදි මියගිය/ රණක්‍ෂිතයට පත් සහ සේවයේ යෙදි සිටින නිලධාරි/ සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල ලගම ඥාතින් වෙනුවෙන් ඉදිරියේදි සුභසාධන කටයුතු සිදු කිරිම සබැදිව විශේෂයෙන් සාකච්ජා කල අතර රණවිරු සුභසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ අරමුදල වර්ධනය කර ගැනිම සදහා මුදල් එක්රැස් කර ගැනිමේ ක්‍රමවේදයන් පිළිබදවද සාකච්ජා කරන ලදී. එදින ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපති තුමිය වශයෙන් සුජීවා ශ්‍රීමති ආබෘෘ මැතිණියත්, ගරු ලේකම් තුමිය වශයෙන් ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියත්, ගරු උප ලේකම් තුමිය වශයෙන් ධනුෂා වීරසුරිය මැතිණියන් පත් වු අතර ක්‍රියා කමිටුව වශයෙන් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් 06 දෙනෙකු පත් කරන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මැතිණිය, ගරු උප සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි සහ සෙසු සාමාජිකයින් පරිසක්ද සහභාගි වන ලදී.