Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th July 2020 18:01:58 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී

කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ හේරත් මුදියන්සේලාගේ ජයන්ත කුමාර ගුණරත්න තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමිකඅඛණ්ඩතාවය සුරැකීමවස් වර්ෂ 1985 ඔක්තෝබර් මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 22 යටතේ යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව හා නිලධාරි පුහුණු පාසල - පාකිස්ථානය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1986 ජුලි මස 24 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3වන බළඇණියට ඇතුළත් විය.

එතැන් පටන් වසර 35කට ආසන්න කාලයක් තම දිවියේ තාරුණ්‍ය යුද්ධ හමුදාව හා රට වෙනුවෙන් කැපකල මෙතුමන් යුද්ධ හමුදා සේවයට සමුදීම සදහා 2020 ජූලි මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් මහත් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලදි. පසුව රෙජිමේන්තුවට අයත් පරිවාරක රථ පෙරටුකොටගෙන එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන එන ලද අතර, මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් කේජේ ජයවවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් එතුමන්ව මහත් ගෞරවයෙන් පිළිගැනිමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදි මෙහිදි වර්ණ ධජ මංගල හස්තියාද ඇතුලත්ව අභිමානවත් සම්මාන මුරයක් එතුමන් වෙත පුද කරන ලදි.

ඉන් පසු 30 වසරක් පුරා පැවති යුද්ධයේදී මව්බිම වෙනුවෙන් ජීවදානය දුන් රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව සමුගැනීම සිහිවීම වස් නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පැලයක් රෝපණය කරන ලදි. රෙජිමේන්තු බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේදී සම්ප්‍රදායානුකුල තේ පැන් සංග්‍රහයක් පිලිගැන්වීමෙන් අනතුරුව සියළු නිලයින් අමතා යුද්ධ හමුදා දිවිය සාර්ථක කරගන්නා අයුරු මනාවට පැහැදිලි කරන ලදී.

පසුව සන්ධ්‍යා කාලයේදි නිලධාරි නවස්නයේදී එතුමන් වෙනුවෙන් ඉතා ගාම්භිරවූත් අලංකාරවූත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි. අනතුරුව විශ්‍රාම ගන්නා රෙජිමේන්තු අධිපති තුමන් වෙනුවෙන් මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිවපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා හරවත් කථාවක් පවත්වා රෙජිමේන්තුවේ සියළු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා ඒක්කළ අතර සමරු තිළිණයකක් ද පිළිගන්වන ලදි. මෙම අවස්ථාව සදහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන්ද සහභාගිවීම විශේෂත්වයකි.