Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th July 2020 15:09:24 Hours

අභිනවයෙන් ඉදිකරන ලද ටෙනිස් ක්‍රීඩාපිටිය සහ ස්කෝෂ් ක්‍රීඩාගාරය විවෘත කිරිම

අතිතයේ මෙන්ම වත්මනෙහි ශ්‍රී ලංකා පාබල හමුදාව ක්‍රීඩා දක්‍ෂතා වලින් යුද්ධ හමුදාව තුළ මෙන්ම ජාතික මට්ටමෙන් හා ජාත්‍යන්තර මට්ටමෙන් ඉතා ඉහළ මට්ටමක සිටින මෙම අවස්ථාවේ මෙම තත්වය තව දුරටත් ඉහලට ගෙනයාමේ අටියෙන් හා මෙම රෙජිමේන්තුවෙහි ක්‍රීඩා කටයුතු නව මානයකට යොමු කරමින් අභිනවයෙන් ඉදිකෙරුණු ටෙනිස් ක්‍රීඩා පිටිය හා ස්කෝෂ් ක්‍රීඩාගාරය විශිෂ්ඨ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩාව පිළිබද හසල දැනුම සහ අත්දැකිම් වලින් පිරිපුන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් සුභ මොහොතින් විවෘත කර නිලධාරින් සහ සෙසුනිලයින්ගේ පරිහරණය සදහා 2020.07.22 වන දින පවරා දෙනු ලැබිම අප රෙජිමේන්තුවට තවත් සුවිශේෂි සංධිස්ථානයකි.

ආරක්‍ෂක සේනා ආඥාපති (කිලි) සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් සහ මගපෙන්විම අනුව මේ වනවිට ශ්‍රීලපාහ තරග බිමෙහි නොමැති ස්කොෂ් හා ටෙනිස් ක්‍රීඩාව ඉහලට ගෙන ඒමේ අටියෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය හි අඩුපාඩුවක්ව පැවති ස්කෝෂ් ක්‍රීඩාගාරය සහ ටෙනිස් ක්‍රීඩාපිටියේ ඉදිකිරිම් දක්‍ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩාව පිළිබද ඇල්මෙන් කටයුතු කරන රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයකට අනුව එතුමන්ගේ මගපෙන්විම යටතේ රෙජිමේන්තු සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය යටතේ සාර්ථකව නිම කරන ලදී.

මෙම උත්සවය අවසානයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිලධාරී නිවස්නයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැති අතර එම අවස්ථාව සංකේතවත් කරමින් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් සියළු නිලධාරින් සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. යුද්ධ හමුදාධිපති තුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් ද තබන ලදී.