Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th July 2020 15:59:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම පාබල හමුදා රෙජිමේන්තුව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකල සෙම්පතීන්ගේ යුධ හමුදා දිවියට සමුදීම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙනුවෙන් වසර 30 කට අධික කාලයක් අනගිභවනීය සේවයක් ඉටු කිරීමෙන් පසු තම යුද හමුදා ජීවිතයෙන් විශ්‍රාම ගන්නා ලද බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පී පීඑස්සී, බ්‍රිගේඩියර් එස්පී විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් යූආර් අබේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් එච්එම්එන්බී හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යාම නිමිත්තෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මග පෙන්වීම හා නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 2020.07.07 වන දින සන්ධ්‍යා කාලයේදී නිලධාරී නිවස්නයේ දී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම මැතිණියන්ද අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා ඔවුන්ගේ භාර්යාවන්ද සහභාගී වන ලදී. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේදී විශ්‍රාම ගන්නා ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයීම වස් සමරු තිළිණයන් පිළිගන්වා ඔවුන්ගේ ඉදිරි අනාගතයට ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු සියළු නිලධාරීන් විසින් සුභ ප්‍රාර්ථනා කරන ලදී.