Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st July 2020 19:17:20 Hours

පාබල හමුදාවට විශේෂ සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එච්එම්එන්බි හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට හා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ක් තම ජීවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එච්එම්එන්බි හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2020.06.27 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1963 ක් වු ජුනි මස 28 වන දින පේරාදෙණිය රජයේ රෝහලේදි හේරත් මුදියන්සේලාගේ රම්බංඩා හේරත් හා විජයසුන්දර මුදියන්සේලාගේ බිසෝ මැණිකා යන මව්පියන්ට දාව උපත ලද අතර, මුලික සිප්සතර හැදෑරීම සදහා මහානාම විද්‍යාලය මහනුවර හා ද්විතිය අධ්‍යාපනය කිංස්වුඩ් විද්‍යාලය මහනුවර වෙතින් හදාරන ලදී. ක්‍රීඩා කටයුතු හා පොදු කටයුතු වලදි පාසලේදී කැපී පෙනෙන දස්කම් දැක් වු දීප්තිමත් ශිෂ්‍යයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1987 ජනවාරි මස 26 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1987 මැයි මස 27 වන දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙත අනුයුක්තව එම ඒකකය සමගින් ශ්‍රී ලංකාද්වීපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි තම රාජකාරි මනා ලෙස ඉටු කරන ලද පරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙම ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ස්වේච්ජා සම්බන්ධිකරණ නිලධාරි, කොට්ඨාශ භාර නිලධාරි කොලොන්නාව, ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ආරක්‍ෂක සේනා මුලස්ථානය වන්නි, කර්නල් සම්බන්ධිකරණ නිලධාරි (සෙව් කටයුතු), 22 සේනාංකය, 55 සේනාංකය, 11 වන සේනාංකයන් හා ජ්‍යෙෂ්ඨ කර්නල් සම්බන්ධිකරණ නිලධාරි ආරක්‍ෂක සේනා මුලස්ථානය (මුලතිව්) වශයෙන්ද ඉතා කැපි පෙනෙන සේවයක් සිදුකර ඇත.

2020.06.27 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් එච්එම්එන්බි හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන දොරටුව අභියසදී මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පිළිගැනිමෙන් අනතුරුව ගෞරවාන්විත වු කදවුරු සම්මාන මුරයක් ලබා දෙන ලදි. ඉන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. ඉන් පසු කොනොනි සමාජ ශාලාව වෙත ගිය මෙතුමන් සියලුම ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිළධාරින් හා සියලුම සෙසුනිලයින් අමතමින් හරවත් දේශණයක් සිදුකර රටට ස්ථිර සාමය උදාකිරිම උදෙසා දායකත්වය ලබාදෙමින් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුදකරන ලද අතර මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනීසිටිමෙන් පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් එතුමන් තේ පැන් සංග්‍රහයක් සදහා බනි සැර නිවස්නය වෙත කැදවාගෙන යන ලදී. අනතුරුව යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එච්එම්එන්බි හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමුදිම සදහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදී.