Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th April 2020 15:18:19 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දියත් කරන ලද තවත් ප්‍රජා සත්කාරයක්

සෑම වර්ෂයකම සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිතකොටගෙන අප රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියැලෙන සියලුම සිවිල් සේවක මහතුන්හට චාරිත්‍රානු කුලව ඇදුම් පැලදුම් ලබා දෙන ලදී. නමුත් මෙවර රටෙහි උද්ගත වි ඇති කොරෝනා ව්‍යසන තත්වය හේතුවෙන් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් 2020.04.10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ලබා දිමට කටයුතු කරන ලදී.