Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th January 2020 15:50:10 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නන්වන ලදි. ඒ අනුව ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් රෙම ශ්‍රීලපාහ රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන් පස් දෙනෙකු හට නව නිවාස ඉදිකර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 800,000.00 බැගින් රුපියල් ලක‍ෂ 4,000,000.00 ක මුදලක්ද, රණවිරුවන් දෙදෙනෙකු හට අර්ධ නිවාස ඉදිකර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 500,000.00 බැගින් 1,000,000.00 ක මුදලක් හා සිවිල් සේවක මහතෙකු හට තම නිවසේ ඉදිරි වැඩ කටයුතු කර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 300,000.00 ක මුදලක් සමගින් මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 5,300,000.00 කට අදාල ප්‍රේශණපත් 2019 .12.28 වන දින හික්කඩුව මහජන ක්‍රිඩාංගනයේ පැවැත්වු පාබල මේලා සැණකෙලියේදි ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ සුරතින් තත් නිවාස ලාභින් හට පතරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු ලේකම් තුමිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වන ලදී.