Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st December 2019 15:33:35 Hours

පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය - 2019

මාතෘ භූමියේ ස්වෛරිභාවය වෙනුවෙන් සිය ප්‍රාණදානය කැපකල අභිත පාබල විරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහාත් කායදානය කැප කල හා දැනට සේවයේ නියුතු පාබල හමුදා සාමාජිකයින්ගේ සුභ සාධන කටයුතු පුළුල් කිරිම සදහාත් අරමුදල් රැස් කිරිමේ උදාර අරමුණ පෙරදැරිව වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මග පෙන්විම යටතේ සංවිධානය වු මෙම දැවැන්ත වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය දෙසැම්බර් මස 27 සහ 28 දෙදින පුරා හික්කඩුව මහජන ක්‍රිඩාංගනයේදි පැවැත්විය. මෙම සංදර්ශනය සහ සැණකෙලිය කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද සුනඛ සංදර්ශනය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද වාහනයක් ගලවා කෙටි වේලාවකදි නැවත සවි කිරිමේ අංගය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ඉදිරිපත් කරන ලද කාලතුවක්කුවක් ගලවා කෙටි වේලාවකින් නැවත සවි කිරිමේ අංගය, යුද්ධ හමුදා අංගම්පොර සංදර්ශනය, පාබල හමුදා රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද තුර්ය වාදන සංදර්ශනය ආදියෙන් සමන්විත වු අතර සංදර්ශනයන් නැරඹිමට පැමිණි මහජනතාව වෙත නැවුම් අත්දැකිමක් එක් කිරිමට සමත් විය. තවද සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ රථ, කාලතුවක්කු රෙජිමේන්තුවේ කාලතුවක්කු හා පාබල හමුදා අවි ප්‍රදර්ශනය මහජනතාවගේ සිත්ගත් අංග වු අතර, මාරක ලිද, කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුම් ඇතුලු විනෝද ක්‍රිඩා රැසකින් සැණකෙළිය සමන්විත විය.

ප්‍රථම දින එනම් 2019 දෙසැම්බර් මස 27 දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග (විශ්‍රාමික) ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිල‍ධාරි සහභාගි වු අතර, එදින රාත්‍රියේ ඇරෝව්ස්ටාර් සංගිත කණ්ඩායමේ තත්සරයට නිහාල් නෙල්සන්, රොඩ්නි වර්ණකුල, සමන් ද සිල්වා, අමිලා නදිශානි, දමිතා අබේරත්න, දිමන්ක වෙල්ලාලගේ වැනි ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ මියුරු නද සහ අරුන්දති නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් නර්තනය නැරඹිමට පැමිණි ජනතාව වෙත ඉහල රසාස්වාදයක් ගෙන දිමට සමත්විය.

දෙවන දින එනම් 2019 දෙසැම්බර් මස 28 වන දින සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආසේමු (බටහිර) ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සපැමිණි අතර පාබල මේලා ලොතරැයි ජයග්‍රාහකයන් තෝරා ගැනිම සදහා දිණුම් ඇදිම සිදුකිරිම, කාය දානය කැපකල සෙබලුන් හත්දෙනෙකුට හා එක් සිවිල් සේවක මහතෙකුට නව නිවාස හා අර්ධ නිවාස ඉදිකර ගැනිම සදහා ප්‍රේශණ පත් ප්‍රධානය කල අතර පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු ලබන සුභසාධක කටයුතු පුළුල් කිරිම වෙනුවෙන් රුපියල් 5,000,000.00 ක ප්‍රේශණ පතක්ද ප්‍රදානය කිරිම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා මේජර් ජෙනරාල් එස්එම්ඒ ජයවර්ධන (විශ්‍රාමික) විඑස්වි එන්ඩිසි පිඑස්සි, මේජර් ජෙනරාල් ටිටිආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි, මේජර් ජෙනරාල් කේඒඩිඒ කරුණාසේකර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි, මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, මේජර් ජෙනරාල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආරඑස්පි යුඑස්පි ආර්සිඩිඑස්, 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එච්පිපි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු, මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ක්‍රිෂානි මුදලිගේ මැතිණිය සහ පරිත්‍යාගශිලින් සහභාගි විය. එදින රාත්‍රියේ දිවයිනේ ජනප්‍රිය සංගිත කණ්ඩායමක් වන ෆ්ලෑස්බැක් සංගීත කණ්ඩායමේ තත්සර නාදයට ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන චලක චමුපති, අශාන් ප්‍රනාන්දු, සේනානායක වේරලියද්ද, නිලාන් හෙට්ටිආරච්චි, සුප්‍රියා අබේසේකර, ශෂිකා නිසංසලා, අයෝමි පෙරේරාගේ මියුරු නාදය එක්වු අතර, ඇලෙක්ස් විත් ඩෑෂ් නර්තන කණ්ඩායම විසින් සැණකෙළිය විචිත්‍රවත් නර්තනයෙන් හැඩගන්වන ලදි.

මෙම දැකුම්කළු සැණකෙළිය නැරඹිම හා සංවිධානය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිළයින් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, දෙදිනක් පුරා හික්කඩුව මහජන ක්‍රීඩාංගණය කෙන්ද්‍ර කරගනිමින් දකුණු ලක අසිරිය මැවු පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළියේ සමාප්තිය මෙසේ සනිටුහන් විය.